A Few Words
About Us
Started in January 2003
It was a very difficult journey
- එය 2003 වර්ෂයේ ජනවාරි මාසයේදී “Best Com” නමින් ඇලපිටිවෙලදී ආරම්භ විය.
- 2005 වර්ෂයේ නොවැම්බර් මස සිට “Dharshana Computer Cafe” නමින් එය ජනප්‍රිය විය.
- 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේදී “Dharshana Group” වෙළද නාමයෙන් රාගම නගරයේදී නව ගමනක් අරඹන ලදී.
- අනතුරුව 2014 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට එහි කීර්තිමත් ගමන නැවතත් ඇලපිටිවෙල උපන් බිමේ සිට දියත් කරන ලදී.
දර්ශන ගෲප් යනු රාගම වෛද්‍ය පීඨයේ හිටපු වෛද්‍ය ශිෂ්‍යයෙකු වන දර්ශන ප්‍රගීත් මනම්පේරි
සතු තනි පුද්ගල ස්වයං හිමිකාර ව්‍යාපාරයකි.
සුළු පරිමාණ මුද්‍රණ ව්‍යාපාරයක් ලෙස 2003 වර්ෂයේ ජනවාරි මාසයේදී එය ආරම්භ කරන ලදී.
2005 වර්ෂයේ නොවැම්බර් මාසයේදී තාක්ෂණික පුහුණ අංශයක් සහ 2012 වර්ෂයේ දෙසැම්බර්
මාසයේදී මෘදුකාංග සංවර්ධණ අංශයක් මෙම ව්‍යාපාරයට එකතු කරන ලදී.
එමෙන්ම එය 2014 වර්ෂයේ නොවැම්බර් මස සිට මහා පරිමාණ MFP මුද්‍රණ ව්‍යාපාරයක් ලෙසද සාර්ථක ගමනක් අරඹන ලදී.
Became a Group in December 2012
Main Turning Point
තනි ව්‍යාපාර භූමිකාවකට සීමා නොවී එය තාක්ෂණික සේවා සමූහයක් බවට පත් විය
As a Communication Center >>>
අද වන විට එය ශ්‍රී ලංකාවේ වැඩිම මුද්‍රණ වේගය සහිත MFP මුද්‍රණ ආයතනය ලෙසින් වැජඹෙමින් ප්‍රදේශයේ නව රැකියා අවස්ථා රාශියක් උත්පාදනය කරමින් අවම මිලට සේවා සපයන ආයතනයක් ලෙස පාරිභෝගික විශ්වාසයද දිනාගෙන තිබේ.
As a Technical Academy >>>
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Photo Copy යන්ත්‍ර අළුත්වැඩියා පාඨමාලාව අරඹමින් දිවයින පුරා විසිරී සිටින දහස් ගණනක් වූ සුළු පරිමාණ මුද්‍රණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය දැනුම ලබා දෙන තාක්ෂණික ඇකඩමියක් ලෙසද සාර්ථකත්වයට පත්ව තිබේ.
As a Software Developer >>>
එමෙන්ම නව මෘදුකාංග සංවර්ධනය සහ වෙබ් අඩවි නිර්මාණය කරමින් මෘදුකාංග සංවර්ධන ආයතනයක් ලෙසද සාර්ථකත්වයට පත්ව තිබේ.
Glory From November 2014
Today it is a Giant
- පූර්ණ වායු සමනය කල වර්ග අඩි 1,000 ක ආයතනයකි.
- විනාඩියකට Photo Copy 450 ක, Colour Photo Copy 50 ක සහ Duplo Shots 480 ක වේගයක් සහිතය.
- කවුන්ටර් 6 ක්, විශාල කඩදාසි සංචිතයක්, සහ සියලුම වර්ග වල Heavy Duty Binding Machines, Hot Laminating, Cold Laminating, Paper Cutters එය සතුය.
- සේවකයින් 12 දෙනෙකුට වැටුප් ලෙස රු.700,000 කට වැඩි මුදලක් වෙන් කරන දිනකට පැය 12 ක් බැගින් දින 365 පුරාම විවෘත ආයතනයකි.
That is why it is called the King of Photocopies.
එමෙන්ම එය වර්ග කිලෝමීටර් 100 කට වඩා විශාල ප්‍රදේශයක විහිදුනු විශාල පාරිභෝගික ප්‍රජාවක් සහිත ආයතනයකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ අවම මිල සේවා සම්පාදකයෙක් ලෙස ඔබට සේවය සපයමින් වසර 21 ක් තිස්සේ අදටත් නොනැසී පවතින ආයතනයකි.
ඒ අනුව මුද්‍රණ ව්‍යාපාරයක්, තාක්ෂණික පුහුණු ආයතනයක් සහ මෘදුකාංග සංවර්ධන ආයතනයක් ලෙස ඔවට බහුවිධ සේවා සපයන අප Dharshana Group වන්නෙමු.
As Featured In:
Job Vacancies
Request A Job
අප ආයතනයේ දැනට පවතින සහ ඉදිරියේදී අවශ්‍ය වනු ඇතැයි උපකල්පනය කරන රැකියා ඇබෑර්තු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ලැබේ. ඒ සඳහා පළමුව ඔබ විසින් අන්තර්ජාලය ඔස්සේ අපට අයදුම් කල යුතුය. සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබව තෝරාගතහොත් අප විසින් සති දෙකක් ඇතුලත ඔබව අමතනු ඇත.